තාම මම මග සොයනවා…

තාම මම මග සොයනවා…

අදත් ඉඳ හිට
ඇස පියාගෙන
අපේ මතකයේ .. මං සැරිසරනවා..
මටත් නොදනිම
දෙනෙත් අද්දර
උණු කඳුළු කැටි පිරෙනවා..
ඔයත් එන්නැති
මාත් දන්නැති

අනාගත මඟ සොයනවා
එදත් එහෙමයි
අදත් එහෙමයි
තනිව මා දුක සොයනවා ..
අද මට මන් ගැනම පුංචි සතුටක් ඇති උනා .ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි .ඔයා ගැන හරියටම තේරුම් ගත්ත නිසා . ඇත්තටම මට ඔයාව ,ඔයාගේ ආදරය ,හැමදේම 

හොඳට තේරෙනවා .

පහුගිය දවසක ඔයා මට කතා කළා …..එක මට දරාගන්න බැරි තරම් පුදුමයක් උනේ නෑ. මොකද මං දැනගෙන  හිටියා .. ඔයා මට කතා කරන බව . මොකද කලින් සතියේ මම 

ඔයාට කතා කල නිසා .

හැමදේම සිද්ද වෙන්නේ , සිද්ද උනේ හිතට අවංකව නෙවෙයි . නොකර බැරි කමට … එත් මන් විශ්වාස කලේ  නෑ ඔය ඇස් නටව නටව….. ලෙන්ගතුව කතා කරද්දී .ඔයාගේ 

හිට ඇතුලේ… තිබුනේ එහෙම අදහසක් බව .. කමක් නෑ.. ඒ දේවල් එහෙම කලේ සතුටින් නම්….කමක් නෑ.. හැමදාම වගේ ඔයා සතුටින් ඉන්න…..
( මෙය සුදු මහත්තයා  අවකාශයෙන් උපුටා ගත්තකි )
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment