දුරින් දුරින් අඩි තිය තිය

        


දුරින් දුරින් අඩි තිය තියහොරෙන් හොරෙන්
හිනාවෙන්න..
මගේ හිතේ සුවඳ අරන්
ඔබේ හිතෙත් තවරගන්න
නුහුරු කතා නොකීවාට
ඇස් දිහාම බලන් ඉන්න
නිහඬ බවත් රහස් කියයි


දන්නැත්තන් ඉගෙන ගන්න ..
ගලක් වගේ හිතක් ඇතත්
මලක සිනිදු බව හඳුනන
හිනේකවත් තිබුනෙම නෑ
ඔය හිත මත වැටි ඉන්න
ඉඩ දෙනවද නිකමට වගෙ
පපුවට හිස තියාගන්න
අවදි වෙන්න අමතක වෙයි
මතක ඇතිව ඇහැරවන්න.
Share on Google Plus

Admin ගේ පණිවිඩය Unknown

මෙය තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.එකපාරක් ආවොත් හැමදාම එන්න හිතෙන අපේ කාලයේ බ්ලොග්කරණයේ සිංහසලකුණ....සිංහසේනා බ්ලොග් අවකාශය...
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment